Monday, February 23, 2015

Ulundu Wade

උළුඳු වඩේ 

(උළුදු වඩේ 30ක් පමණ)

අවශ්‍ය ද්‍රව්‍ය:


  • උළුඳු ඇට 250g 
  • පාන් පිටි 200g 
  • යීස්ට් තේ හැදී 1
  • රතුලූනු මේස හැදී  4 (චොප් කරගත්)
  • අමුමිරිස් මේස හි  2 (චොප් කරගත්)
  • කරපිංචා තේ හැදී  2 (සිහින්ව ලියා ගත්‍ )
  • අවශ්‍ය නම් කහ ස්වල්පයක් 
  • ලුණු රස අනුව 
  • අවශ්‍ය නම් පොල් කෝප්ප 1/4

සාදන ක්‍රමය:

උළුදු ඇට ආප්ප සෝඩා තේ හැදී 1/2ක් සමග පැය 8ක් පොගවා ගන්න.වතුර කෝප්ප 1/2ක් සමග හොදින් බ්ලෙන්ඩ් කරගන්න.පාන්පිටි, යීස්ට් මෙම මිශ්‍රණයට දම හොදින් අනා ගන්න.එයටම රතුලූනු අමුමිරිස් කරපිංචා ලුණු සහ කහ දමා හොදින් කලවම් කරගන්න.පැයක් තබා වඩේ සෑදීම පටන් ගන්න.
(ඇල්වතුර භාජනයකට අත්දෙකම දම තෙත අතින් මිශ්‍රණයෙන් පොඩි බෝල ලෙස ගෙන 3/4" ක පමණ ගනකමට චප්ප කර මද හිලක් සාදා ගැබුරු තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න.)



Sunday, February 22, 2015

Thosai & Sambaaru

තෝසේ 

(තෝසේ 40ක් පමණ සාදා ගත හැක.)

අවශ්‍ය ද්‍රව්‍ය :


  • උළුදු ඇට 250g 
  • සම්බා 250g 
  • පාන් පිටි 300g 
  • පොල් කිරි කෝප්ප 1 1/2ක් 
  • ලුණු තේ හැඳි 3ක් පමණ 
  • උළුහාල් තේ හැඳි 1
  • යීස්ට් තේ හැඳි 1
  • තෙම්පරාදුවට :-  අබ, වියලි මිරිස්, කරපිංචා, රතුලූනු, සුදුලූනු, සූදුරු, එළවලු තෙල් 

සාදන ක්‍රමය: 

උළුදු ඇට හා සම්බා වෙන වෙනම ආප්ප සෝඩා තේ හැඳි 1/2 බැගින්  දමා පැය 8ක් පමණ පොගවා ගන්න.
වතුර කෝප්ප 3/4ක් වගේ භාවිත කර උළුදු හා සම්බා ටික බ්ලෙන්ඩ් කරගන්න.මිශ්‍රණ දෙකම එක භාජනයකට දමන්න.යීස්ට් හා පාන්පිටි ටික දාලා හොදින් අනා ගන්න.පැයක් පමණ තබන්න.
ඉන්පසුව පොල්කිරි හෝ වතුර සහ ලුණු දමා කලවම් කරන්න.(වතුර කෝප්ප 2ක් සෑහේ.)
තෙම්පරාදුව සාදා කලවම් කරන්න.පැය 1/4ක් පමණ තබා තොසේ සෑදීම පටන් ගන්න.
(තොසේ පිපිලා වැඩියි වගේනම් ළූණු ගෙඩියක් කඩතොළු කරලා ගෙඩියම මිශ්‍රණයට දාලා මදක් වෙලා තියන්න.)

සාම්බාරුව 

අවශ්‍ය ද්‍රව්‍ය:


  • වතුර තේ කෝප්ප 8
  • පොගවගත් පරිප්පු තේ කෝප්ප 1
  • බී ළූණු ගෙඩි 4
  • අමු මිරිස් කරල් 4
  • තුනපහ තේ හැදී 3
  • කහ ස්වල්පයක් 
  • රම්පෙ කරපිංචා කුරුදු 
  • සියබලා පල්ප් මේස හැඳි 1
  • තක්කාලි, අල, කැරට්, බෝංචි, වට්ටක්කා, වම්බටු, මුරුංගා 100g බැගින්.....

සාදන ක්‍රමය:

තක්කාලි හැර අනික් ද්‍රව්‍ය බදුනට දමා වතුර ප්‍රමාණය හා අනිකුත් කුළුබඩු ද දමා පිසගන්න.අල තැම්බුන පසු තක්කාලි දමන්න.එළවලු ටිකක් පොඩි කර තෙම්පරාදුව දමා තෝසේ හෝ උළුදු වඩේ සමග ආහාරයට ගන්න.


A-LA-LA Cream Pudding

අ ලා ලා ක්‍රීම් පුඩිම 
අවශ්‍ය ද්‍රව්‍ය:
  • මෝතා ජෙලි ක්රිස්ටල්ස් පැකට් 3 (ස්ට්‍රෝබෙරි ඇපල් හා ලෙමන් )
  • 397g ටින්කිරි ටින් 1
  • කස්ටඩ් පවුඩර් මේස හැඳි 2 (ඇල් වතුර කෝප්ප 1/2 ක දියකර ගන්න)
  • ජෙලටින් මේස හැඳි 1 (මද රස්නේ වතුර කෝප්ප 1/2 ක පොගවා )
  • ජෙලටින් තේ හැදී 6 (2 බැගින් ජෙලි පැකට් 3ට අවශ්‍ය වේ.)
  • සීනි මේස හැදී 1
  • වැනිලා තේ හැදී 1
  • අන්නාසි 750g 
  • සීනි 200g 
  • pineapple essence
  • කුරුදු කැබැල්ලක් 
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය:

1. පළමුවෙන් ජෙලි පැකට් 3 සාදා තබන්න.එක එක පැකට්ටුවට වතුර තේ කෝප්ප 2 1/2 බැගින් ද සීනි තේ හැදී 2ක් හා ජෙලටින් තේ හැදී 2ක් ද  දමා සෙට් කර ගන්න.අවශ්‍ය නම් කලරින් එකතු කරගන්න.(සෙට් වෙන්නට දමන භාජනය හොදින් ඇල් වතුරින් සෝදා ගන්න.)

2. අන්නාසි ප්‍රමාණයට ගැලපෙන සීනි ප්‍රමාණය ඇලුමිනියම් නොවන භාජනයකට දමා එයට කුරුදු කැබැල්ලද දමා ලිපේ තබා ස්ටු කරගන්න.ලුණු ස්වල්පයක්ද දමන්න.පසුව ඉස්ම බේරා එසන්ස් දමා පසෙකින් නිවෙන්නට තබන්න.

3. ටින්කිරි ටින් එක උණු වතුර කෝප්ප 1 1/2ක දියකර ගන්න.අවශ්‍ය නම් සිනි මේස හැදී 1 දමා ගන්න.ලුණු, මද උණුසුම් වතුරේ පෙගවූ ජෙලටින් මේස හැදී 1, දියකරගත් කස්ටඩ් මේස හැදී 2 දමා හොදින් දියකරගන්න.මෙය ලිපේ තබා පදම එනතුරු හැදිගාන්න.ලිප නිවා වැනිලා එක් කරගන්න.

4.
සෙට් වෙන්නට දමන තැටියට දමා නිවෙන්නට හරින්න. හොදින්ම නිවුණු පසු ජෙලි ටික කොටු කොටු කපා උඩින් දමා මිශ්‍ර කරගන්න.ස්ටු කරගත් අන්නාසි ටික උඩින් අතුරා ගන්න.සෙට් වෙන්නට ශීතකරණයේ දමා අතුරුපසක් ලෙස අමුත්තන්ට සංග්‍රහ කරන්න.