අවශ්‍ය ද්‍රව්‍ය:
- මෝතා ජෙලි ක්රිස්ටල්ස් පැකට් 3 (ස්ට්‍රෝබෙරි ඇපල් හා ලෙමන් )
- 397g ටින්කිරි ටින් 1
- කස්ටඩ් පවුඩර් මේස හැඳි 2 (ඇල් වතුර කෝප්ප 1/2 ක දියකර ගන්න)
- ජෙලටින් මේස හැඳි 1 (මද රස්නේ වතුර කෝප්ප 1/2 ක පොගවා )
- ජෙලටින් තේ හැදී 6 (2 බැගින් ජෙලි පැකට් 3ට අවශ්‍ය වේ.)
- සීනි මේස හැදී 1
- වැනිලා තේ හැදී 1
- අන්නාසි 750g
- සීනි 200g
- pineapple essence
- කුරුදු කැබැල්ලක්
- ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය:
1. පළමුවෙන් ජෙලි පැකට් 3 සාදා තබන්න.එක එක පැකට්ටුවට වතුර තේ කෝප්ප 2 1/2 බැගින් ද සීනි තේ හැදී 2ක් හා ජෙලටින් තේ හැදී 2ක් ද දමා සෙට් කර ගන්න.අවශ්‍ය නම් කලරින් එකතු කරගන්න.(සෙට් වෙන්නට දමන භාජනය හොදින් ඇල් වතුරින් සෝදා ගන්න.)
2. අන්නාසි ප්‍රමාණයට ගැලපෙන සීනි ප්‍රමාණය ඇලුමිනියම් නොවන භාජනයකට දමා එයට කුරුදු කැබැල්ලද දමා ලිපේ තබා ස්ටු කරගන්න.ලුණු ස්වල්පයක්ද දමන්න.පසුව ඉස්ම බේරා එසන්ස් දමා පසෙකින් නිවෙන්නට තබන්න.
3. ටින්කිරි ටින් එක උණු වතුර කෝප්ප 1 1/2ක දියකර ගන්න.අවශ්‍ය නම් සිනි මේස හැදී 1 දමා ගන්න.ලුණු, මද උණුසුම් වතුරේ පෙගවූ ජෙලටින් මේස හැදී 1, දියකරගත් කස්ටඩ් මේස හැදී 2 දමා හොදින් දියකරගන්න.මෙය ලිපේ තබා පදම එනතුරු හැදිගාන්න.ලිප නිවා වැනිලා එක් කරගන්න.
4.
සෙට් වෙන්නට දමන තැටියට දමා නිවෙන්නට හරින්න. හොදින්ම නිවුණු පසු ජෙලි ටික කොටු කොටු කපා උඩින් දමා මිශ්‍ර කරගන්න.ස්ටු කරගත් අන්නාසි ටික උඩින් අතුරා ගන්න.සෙට් වෙන්නට ශීතකරණයේ දමා අතුරුපසක් ලෙස අමුත්තන්ට සංග්‍රහ කරන්න.
No comments:
Post a Comment