උළුඳු වඩේ
(උළුදු වඩේ 30ක් පමණ)අවශ්‍ය ද්‍රව්‍ය:
- උළුඳු ඇට 250g
- පාන් පිටි 200g
- යීස්ට් තේ හැදී 1
- රතුලූනු මේස හැදී 4 (චොප් කරගත්)
- අමුමිරිස් මේස හි 2 (චොප් කරගත්)
- කරපිංචා තේ හැදී 2 (සිහින්ව ලියා ගත් )
- අවශ්‍ය නම් කහ ස්වල්පයක්
- ලුණු රස අනුව
- අවශ්‍ය නම් පොල් කෝප්ප 1/4
සාදන ක්‍රමය:
උළුදු ඇට ආප්ප සෝඩා තේ හැදී 1/2ක් සමග පැය 8ක් පොගවා ගන්න.වතුර කෝප්ප 1/2ක් සමග හොදින් බ්ලෙන්ඩ් කරගන්න.පාන්පිටි, යීස්ට් මෙම මිශ්‍රණයට දම හොදින් අනා ගන්න.එයටම රතුලූනු අමුමිරිස් කරපිංචා ලුණු සහ කහ දමා හොදින් කලවම් කරගන්න.පැයක් තබා වඩේ සෑදීම පටන් ගන්න.(ඇල්වතුර භාජනයකට අත්දෙකම දම තෙත අතින් මිශ්‍රණයෙන් පොඩි බෝල ලෙස ගෙන 3/4" ක පමණ ගනකමට චප්ප කර මද හිලක් සාදා ගැබුරු තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න.)

No comments:
Post a Comment